First Steps චිත්රපටය ලෝකේ පුරාම තිරගත වෙන්න පටන් ගත්තා. චිත්රපටිය එන්න කලින්ම ඒ ගැන ලොකූ කතා බහකුත් ඇති උනා.
චිත්රපටියට සම්බන්ධ වෙලා ඉන්න නළු නිළියනුත් ඒකට ලොකු හේතුවක් උනා. Vanessa Kirby, Pedro Pascal, Joseph Quinn, Julia Garner, John Malkovich, Ralph Ineson වගේ දැවැන්තයින් චිත්රපටියට සම්බන්ධ උනා.
තිරගත වෙලා මාසෙකට වැඩි කලයක් ගතවෙනකොට කියන්න පුළුවන් මේ චිත්රපටිය හිතුව තරම් බොක්ස් ඔෆිස් රෙකේඩ්ස් තියන්න තරම් සමත් උනේ නෑ කියල.
හැබැයි ඇමෙරිකාවේ ඇතුළේ උපයපු ආදායම් වාර්තා ගත්තොත් චිත්රපටිය මේ වෙද්දි ඩොලර් මිලියන් 257ක ආදායමක් ලැබිලා, ඩිස්නි චිත්රපටිවලට ලැබිලා තියෙන ඉහලම ආදායම් ලැබුණු චිත්රපටි 50 අතරට එකතුවෙන්න පුළුවන් උනා…
