නියෙලිනී ගෝලීය සමුළුවට සහභාගී වීම සඳහා ප්‍රවීණ කොලිවුඩ් රංගන ශිල්පී ප්‍රකාශ් රාජ් සැප්තැම්බර් 07 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියා.
ඒ නියෙලිනී ගෝලීය සමුළුවට සමගාමීව පැවැත්වෙන Songs of resilience නම් විකල්ප ප්‍රසංගයක ගීත ගායනා කිරීම සඳහායි.
ඔහු පැමිණෙන අවස්ථාවේ පිළිගැනීම සඳහා Father චිත්‍රපටියේ අධ්යක්ෂ චමින්ද ජයසූරිය ඇතුළු පිරිසක් පැමිණ සිටියා.
නියෙලිනී සමුළුව සැප්තැම්බර් 08 වැනිදා සිට මහනුවරදී පැවැත්වෙනවා. එම සමුළුව ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ රටවල් 102 ක විද්‍යාඥයන්, ක්‍රියාධරයන් සහ සමාජ සංවිධාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
