NextWatch

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 97,637 ක් – වැඩිම බලපෑම ගම්පහට

වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 97,637 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එමෙන්ම ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 74 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද එම ඒකකය සඳහන් කරයි.

ගෙවී ගිය සැප්තැම්බර් මාසයේ මුල් දින 13 ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,146 දෙනෙකු වාර්තා වී තිබීම විශේෂත්වයකි.

දිස්ත්‍රික් මට්ටමින් සැලකීමේදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 20,742 කි. මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,235 ක්, මහනුවරින් 7,291 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,247 ක් ලෙස ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

Exit mobile version