අද (28) උදෑසන බොරැල්ල, කනත්ත හන්දියේ දී සිදුවූ මාරක අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 07 දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.
අනතුරෙන් තුවාල ලැබූ එක් අයෙක් රෝහල්ගත කිරීමේදී මිය ගොස් සිටි බව කොළඹ ජාතික රෝහලේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
තුවාලකරුවන් අතරින් දෙදෙනෙකු කාන්තාවක් වන බවත්, ඉතිරි පස්දෙනාම පිරිමි පුද්ගලයන් වන බවද වෛද්‍යවරුන් කියා සිටියේය.
අද උදෑසන රාජගිරිය දෙස සිට බෞද්ධාලෝක මාවත දෙසට ධාවනය වෙමින් තිබූ දොඹකරයක්, කනත්ත වටරවුමේ මාර්ග සංඥා අසල නවතා තිබූ යතුරුපැදි 6ක සහ මෝටර් රථ 3ක ගැටී අනතුර සිදුවී තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 62ක් වූ අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකි. අනතුර සිදුකළ දොඹකරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, දොඹකරයේ තිරිංග අක්‍රිය වීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය සැක පළ කරයි. බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන මේ පිළිබඳව සිදුකරයි.
