වැසිකිලි වලකට වැටී 8 හැවිරි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බගවන්තලාව, කිව්වත් යායේ ඉහල කොටසේ පදිංචිව සිටි එම වතුයායෙන්ම පාසලක 3 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි හෙලෝන් සසාන් නැමැති සිසුවෙක් බව පොලිසිය සඳහන් කරයි.
අලුතෙන් ඉදිකරමින් පවතින නිවසකට වැසිකිළියක් ඉදිකිරීම සඳහා අඩි 6ක පමණ ගැඹුරකින් යුත් වළක් අප ඇති අතර, එම වලයේ වැසි ජලය පිරී තිබූ අවස්ථාවේ ඒ අසලින්ම ගමන් කිරීමට තැත් කළ පාසල් සිසුවා එම වලට වැටෙනට ඇතිති බව පොලිසිය සැක පල කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිසිය සිදු කරනු ලබයි.
