NextWatch

වැඩි මිලට වාහන අලෙවි වන රටවල් අතර ලංකාවට තුන්වන ස්ථාන

ලෝක බැංකු දත්ත වාර්තාවලට අනුව ලෝකේ වාහනයක් මිලදී ගැනීම සඳහා මිල අධිකම වෙළඳපොළවල් තිබෙන රටවල් අතර තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවන බව ඇඩ්වොකාටා ආයතනය සිය මුහුණු පොතේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

වාහන වල 2021 වසරේ මිල ගණන්වලට අනුව මෙරට අනුව මෙරට වාහනයක මිල ගෝලීය සාමාන්‍ය මිලට වඩා 1.75 ගුණයකින් ඉහළ බවත් මෙරට වාහන මිල ගණන් දෙවැනි වන්නේ සිංගප්පූරුවට සහ මාලදිවයිනට පමණක් බවත් එම සටහනේ දක්වා තිබේ.

එම ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව ලකුණු 175 ක් ලැබී ඇති අතර මාලදිවනට ලකුණු 224.7ක්, සිංගප්පූරුවට ලකුණු 355.8ක් ලැබී තිබේ.

Exit mobile version