NextWatch

අවුරුදු 42 කට පසු පාර්ලිමේන්තුවේ වෙනසක්

දශක 4කට පසුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදු කරනු ලබන අලුත් වැඩියා කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ, වසර 42කට අධික කාලයකට පසු මෙලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදුවන අලුත්වැඩියා කටයුතු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක මහතාගේ උපදෙස් මත සිදු කෙරෙන බව සඳහන් වේ.

ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ කොන්ක්‍රීට් වහල (Roof Terrace) මට තිබෙන පස් තට්ටුව ඉවත් කොට අලුත් වැඩියා කිරීමේ කටයුතු මේ දිනවල සිදු වෙමින් පවති.

එමෙන්ම වැහි පිහිලි (Roof Gutters), තඹ දොර (Copper Door), පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය ( Parliament Medical Center), වැසිකිලි පද්ධතිය (Washrooms) සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවේකාගාරය (Members Dressing Room) අලුත් වැඩියා කටයුතු මෙලෙස සිදුකිරීමට නියමිතයි.

මෙයට පෙර පාර්ලිමේන්තු සංකීර්ණය සුළු නඩත්තු කටයුතු සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව මගින් සිදු කළද මෙම මහා පරිමාණ අලුත් වැඩියා කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් සිදු කරනු ලබයි.

Exit mobile version