NextWatch

තැපැල් සේවකයන් අඛණ්ඩ වැඩ වර්ජනයක

සියලුම තැපැල් හා පාලන කාර්යාලවල අඛණ්ඩව වර්ජනයක් මේ වන විට ආරම්භ වී තිබේ.

තැපැල් හා විදුලි සංදේශන නිලධාරීන්ගේ සංගමය මෙන්ම ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ඇතුළුව වෘත්තිය සමිති 28 ක් එම වර්ජනය සඳහා එක්ව සිටින බව සඳහන්වේ.

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු ඊයේ (17) සිට නැවත දැනුම් දෙනතුරු අවලංගු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ අංක 10/2025 අනුව තැපැල් දෙපාර්තමේන්තුවෙ නිලධාරීන් සඳහා අතිකාල ගෙවීම් සම්බන්ධයෙන් ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කිරීමට විරෝධය පළ කිරීම හා තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම පාලන කාර්යාල හා ගිණුම් කාර්යාලවල නිලධාරීන් ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීම හා පිටවීම සඳහන් කළ යුතු බවට ලබාදී ඇති උපදෙස් වලට විරෝධය දැක්වීම ඇතුළු කරුණු 19 ක් සම්බන්ධයෙන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

Exit mobile version