NextWatch

වෛද්‍ය නිලධාරීන්ගේ වැඩවර්ජනය අත්හිටුවයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (25) සිදුකිරීමට සැලසුම් කර තිබූ දීප ව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කරර තිබේ.

ඒ අනුව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජාතිස්ස සමඟ පැවති සාකච්ඡාවකදී ලබාදුන් දුන් ලිඛිත සහතිකයක් මත මෙම තීරණය ගත් බව එම සංගමය සඳහන් කරයි.

රජයේ රෝහල් සියල්ලෙහිම අද(25)උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන තිබේ.

දුෂ්කර පළාත්වල රෝහල් වැසී යාමේ අවදානමත්, රෝගීන්ට හිඟ ඖෂධ මිලදී ගැනීම සඳහා රජයෙන් එල්ල කර ඇති සෘජු බලපෑමත්, ප්‍රමිතියෙන් යුතු ඖෂධ සහ උපකරණ රෝහල්වලට ලබා නොදීම හරහා නිදහස් සෞඛ්‍ය බිඳ වැටීමේ අවධානමත් සැලකිල්ලට ගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කිරීමට නියමිතව තිබූ බව සඳහන් වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ අවිධිමත්, අකාර්යක්ෂම, විනිවිද භාවයකින් තොර ක්‍රියාවලියන් හරහා වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියද, වෛද්‍යවරුන් දුෂ්කර පළාත්වලට අනුයුක්ත කිරීමේ ක්‍රියාවලිය ද මේ වනවිට සම්පූර්ණයෙන් පාහේ බිඳ පැති ඇති බවය.

මේ නිසා රට පුරා රෝහල් 200කට ආසන්න ප්‍රමාණයක් වැසී යාමේ අවදානමකට මුහුණපා තිබෙන අතර අනෙක් රෝහල්වලත් වෛද්‍යවරුන් හිඟවීම හරහා යම් ඒකක වල කටයුතු අදාල වීමේ අවධානමක් මතුව ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන්නේ, වැටුප්, දීමනා හෝ පහසුකම් එල්ලීම් කරමින් නොවන බවත් ලංකාවේ රෝහල් සමූහයේ සහ නිදහස් සෞඛ්‍ය සේවාවේ බිඳ වැටීම වළක්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට බල කරමින් බවත් එම නිවේදනයේ දැක්වේ.

කෙසේ වුවද, අද(25) ක්‍රියාත්මක කිරීමට තිබූ රජය වෛද්‍ය නිලධාරීන්ගේ වැඩ වර්ජනය අත්හිටුවේ. ඒ, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයසිංහ සමඟ පැවති සාකච්ඡාවකදී ලබා දුන් ලිඛිත සහතිකයක් මුල් කරගෙනය.

Exit mobile version