කොළඹ නියෝජ්‍ය පොලිස්පති උජිත් ලියනගේ අද (25) පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ නිධන් හෑරීමේ සිදුවීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි ඔහුගේ බිරිඳ සම්බන්ධව සිදුකෙරෙන විමර්ශන කටයුතු සඳහා එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන් වේ.
ශ්‍රාවස්තිපුර, තිඹිරිගස් කඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිදන් හාරමින් සිටි බව කියන නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරියය ඇතුළු 08 දෙනෙකු අනුරාධපුර පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණු අතර, එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් මුදා හරින ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා වැටලීම් සිදුකළ පොලිස් නිලධාරීන්ට දුරකථනයෙන් බලපෑම් සිදුකිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා වී තිබේ.
ඒ අනුව කරුණු අනාවරණය කර ගැනීම් සඳහා සියලු සැකකරුවන්ගේ දුරකථන අංක වලට අදාල විශ්ලේෂණ වාර්තා පොලිසියට ලබාදෙන ලෙසද අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් චන්දන වීරකෝන් සියලු දුරකථන සමාගම්වලට මීට පෙර නියෝග කර තිබේ.
මීට පෙර නියෝජ්‍ය පොලිස්පති උජිත් ලියනගේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස සේවය කර ඇති අතර, එම කාල වකවානුව තුළ එක්තරා පොලිස් කොස්තාපල්වරයෙකුට සිදුවූ ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් ඔහු අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සහ තොරතුරු ලබා නොදීම පිළිබඳවත් චෝදනා එළවී වී තිබේ.
