NextWatch

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවට ආරක්‍ෂාව තර කෙරේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවට ආරක්‍ෂාව මේ වන විට තර කරතිබේ.

අධිකරණ පරිශ්‍රයට ඇතුල් වන පුද්ගලයන්ගේ නඩු අංක පරීක්‍ෂා කර, ඔවුන්ගේ ගමන් මලු සහ ශරීරය දැඩි පරීක්ෂාවකට ලක් කරන බව සඳහන්වේ.

අධිකරණය පිහිටි කිව් මාර්ගය (kew Road) වෙත එහි පදිංචිකරුවන් හා නීතිඥවරුන්ට පමණක් ඇතුළු වීමට අවසර ලබාදෙන බවද වාර්තා වෙයි.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපොළ පනත යටතේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අද (26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර වෛද්‍ය නිර්දේශ මත ඊට පසු දින ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි.

මේ වනවිට හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතරර ඔහු අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු වේ.

නමුත් යනාදිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන විශේෂඥ වෛද්‍යවරුන් 5ක් යුත් කමිටුවක් මගින් ඔහු අධීක්ෂණය කර අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන්නේද?නැද්ද? යන්න එම කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කරන බව වාර්තාවේ.

Exit mobile version