NextWatch

රනිල් අධිකරණයට ඉදිරිපත් කිරීම අවිනිශ්චිතයි

රක්ෂිත බන්ධනාගාරගත වී දැනට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ ප්‍රකාශ කරන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිර්දේශ මත තබාගත යුතු බවට වන නිර්දේශය හේතුවෙන් බොහෝ දුරට ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බවයි.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අධිකරණයට ඉදිරිපත්වීමට නොහැකි වුවහොත්, Zoom තාක්ෂණය ඔස්සේ හෝ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහව නීති කෘත්‍ය සඳහා ඉදිරිපත් කරන ලෙසට නීතිඥවරිය නියෝග කළහොත් ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට පියවර ගන්න බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තවදුරටත් සඳහන් කරයි.

විජලන තත්ත්වයක් හේතුවෙන් පසුගියදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර අනතුරුව මත වූ සංකූලතා හේතුවෙන් ඔහු දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර වෛද්‍ය අධීක්ෂණ යටතේ තබා ගැනීමට කටයුතු කර තිබේ.

Exit mobile version