නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ට ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන තිබේ.
ඒ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් විසින් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතාගේ ජීවිතයට හානියක් කිරීමට සැලසුම් සකස් කරන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුවයි.
දිලීප පීරිස් මහතාගේ නිවසට මෙන්ම ඔහුගේ ගමන් බිමන් යන අවස්ථාවලදී ආරක්‍ෂාව සඳහා මෙම විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙම ඝාතන සැලසුම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නියෝගයක් මත මෙම පියවර ගෙන තිබේ.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් විසින් දිලීප පීරිස්ට හානි කිරීම සඳහා සැලසුම් සකස් කරන බවට පසුගිය සෙනසුරාදා (23) රාත්‍රියේ බුද්ධි තොරතුරු ලැබී තිබේ.
ඒ අනුව වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුගේ ජීවිත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ.
2023 වසරේදී මහජන මුදල් රුපියල් ලක්ෂ 166 ක් භාවිත කරමින් පුද්ගලික සංචාරයක් යෑම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු පොලිස්පති දේශපන්දු තෙන්නකෝන්ගේ ධූරය අහිමිවීමට හේතු වූ W15 හෝටලයට වෙඩි තැබීම පිළිබඳ නඩුවට අදාළව ඇතුළු ආන්දෝලනයට තුඩු දුන් නඩු ගණනාවකට අතිරේක සොලිස්ට ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා පෙනී සිට තිබේ.
