NextWatch

රනිල් වික්‍රමසිංහට එරෙහි නීති කෘත්‍ය ආරම්භ වේ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මීට සුළු මොහොතකට පෙර ආරම්භ කර තිබේ.
ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඉදිරියේය.

මෙම අවස්ථාව සඳහා විපක්ෂයේ හිටපු මැති ඇමතිවරු පැමිණ සිටින අයුරු දක්නට ලැබිණි.

මේ වන වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවට පොලිස්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති ආකාරය දක්නට ලැබේ.

නිල සංචාරයක යෙදෙන බව පවසමින් පෞද්ගලික සංචාරයක නිරත වීමෙන් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවක් මත අගෝස්තු 22 වෙනදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගෙන් අත්අඩංගුවට ගත් අතර පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහු අද (26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

එහිදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මේ වනවිට කොළඹ ජාතිකක රෝහලේ දැඩි සත්කාර ඒකකය ප්‍රතිකාර ලබමින් සිටි.

ඒ අනුව අද දිනයේදී යළි රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට අදාල නීති කෘත්‍යය වෙනුවෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබුණද ඔවුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නොහැකිවනු ඇතැයි වෛද්‍යවරු පෙන්වා දෙන ලදී.

මේ අතර විපක්ෂයේ පාක්ෂිකයන් මාර්ග බාධක බිඳ දමා අධිකරණ භූමියට ඇතුළු වීමට උත්සාහ දරන අයුරුද දක්නට ලැබේ.

Exit mobile version