NextWatch

රනිල්ට ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරෝධය පළ කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ වන විට විභාගයට ගැනීම ආරම්භ කර තිබේ.

ඒ අනුව, නඩුව කැඳවූ අවස්ථාවේදී අද (26) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ට ජනරාල් දිලීප පීරිස්, සැකකරුට ඇප ලබා දීමට විරුද්ධ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන්, ජනාධිපති නීතිඥ තිලක් මාරපන, අනුජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටින බව වැඩිදුරටත් සඳහන් වේ.

Exit mobile version