NextWatch

දේශබන්දුට ඇප

2022 වසරේ ගාලු මුව දොර “ගෝඨා ගෝ ගම” අරගල භූමියේ රැඳී සිටි පිරිසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් උපුලි ලංකාපුර මෙනවිය මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව, සැකකාර දේශබන්දු තෙන්නකෝන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළාය.

තවත් නියෝග කිහිපයක් නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරිය දක්වා සිටියේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වැළකිය යුතු බවය.

එමෙන්ම, කැඳවීම් සිදුකරනු ලබන අවස්ථාවල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම අධිකරණයට පැමිණ විමර්ශන කටයුතුවලට සහාය දිය යුතු බවත්, එසේ කැඳවනු ලබන අවස්ථාවල මගහැරීම් සිදු කරන්නේ නම් ඇප අවලංගු කර සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

Exit mobile version