NextWatch

රනිල්ගේ මීළඟ නඩුව ඔක්තෝම්බර්

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (26) පස්වරුවේදී ඇප මත මුදා හැරි අතර,හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ නීති කෘත්‍ය, එළැඹෙන ඔක්තෝම්බර් 29 දා නැවත කැඳවනු ලබන බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.

පොදු දේපළ පනත යටතේ චෝදනා ලද හිටපු ජනාධිපතිවරයා, කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවියගේ නියෝගය පරිදි පසුගිය අගෝස්තු 22 දින රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර ඊට අදාල නීති කෘත්‍ය ඊයේ (26) කැඳවනු ලැබීය.

එහිදී පැමිණිලි සහ විත්ති පාර්ශ්ව විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණි.

Exit mobile version