NextWatch

උසාවිය අසල පොලිස් නිලධාරියකුට තුවාල කළ සැකකරු අත්අඩංගුවට

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසල පැවති විරෝධතාවයකදී පොලිස් නිලධාරියකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 26 වනදා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහරදී තුවාල සිදු කිරීම හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමකට අදාලව එම සැකකරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළුතර දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ ඊයේ (27) සැකකරු අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත ඉදිරිපත් කළ බවයි.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 52 හැවිරිදි නාගොඩ කළුතර ප්‍රදේශයේ පදිංචි හිටපු නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකි.

Exit mobile version