NextWatch

පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම

වලස්මුල්ල මැදගංගොඩ ප්‍රදේශයේ ඉඳුල් කටගෑමේ උත්සවයකදී එවකට වයස අවුරුදු 30ක් වූ තරුණයෙකුට පිහියකින් ඇන මරා දැමීමේ චෝදනාවකට වැරදිකරුවන් වූ තිදෙනෙකු තංගල්ල මහාධිකරණ විනිසුරු උදේශ රණතුංග ඊයේ (27) මරණ දඬුවම නියම කළේය.

මීට වසර 14 කට පෙර ඉඳුල් කටගෑමේ උත්සවයකදී සිදුවූ බහින්බස් වීමකින් අනතුරුව පිහියෙන් ඇන මිනීමැරීමේ චෝදනාවකට වැරදිකරුවන් වීම නිසා මෙසේ මරණ දඬුවම නියම වූයේ මනතුංග සිරිල්, පෝද්දල ගමගේ ශාන්ත කුමාර සහ සිංගප්පුලිගේ ජයතිලක යන තිදෙනාටය.

2011.12.01 දින වලස්මුල්ල මැදගංගොඩ ප්‍රදේශයේ ඉඳුල් කටගෑමේ උත්සවයකට සහභාගි වීමට ගිය වළස්මුල්ල, පන්සල ගොඩ, ප්‍රදීප් නිවස ලිපිනයේ පදිංචි සුදු හකුරුගේ ඉන්දික සමන් කුමාර නැමැති 30 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකුට පිහියෙන් ඇන මනුෂ්‍ය ඝාතනය කර ඇති බව චෝදනා පත්‍රයේ සඳහන් වේ.

Exit mobile version