NextWatch

ලංගම වෘත්තිය සමිති කිහිපයක් වැඩ වර්ජනයක

ඉල්ලීම් හතරක් මූලික කර ගනිමින් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සංගම් කිහිපයක් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

පෞද්ගලික බස් රථ සමග ඒකාබද්ධ කාල සටහනකට අනුව ධාවනය කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කළ බව ලංගම සමගි සේවක සංගමයේ සභාපති නිරෝෂන් සම්පත් ප්‍රේමරත්න පැවසුවේ ය.

හඳුන්වා දී ඇති ඒකාබද්ධ කාලසටහන සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ද අදහස් දක්වා තිබේ.

එහෙත් සියලු පාර්ශවයන්ගේ අදහස් මත ඒකාබද්ධ කාලසටහන සකස් කිරීමේ කටයුතු සිදු කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ චන්ද්‍රපාල පැවසුවේය.

වෘත්තීය සමිති විසින් සිදු කරන ඉල්ලීම් බහුතරයක් මේ වන විටදීත් ලබාදී අවසන් බැවින් මෙම වර්ජනය අසාධාරණ බව ප්‍රවාහනය නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන පවසයි.

Exit mobile version