NextWatch

අපරාධකරුවන් 5 ක් එකවර අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව -පොලිස්පති-

ඉන්දුනීසියාවේ දී සංවිධානාත්මක අපරාධකරුවන් 5 ක් එකවර අත්අඩංගුවට ගැනීම, ඉතිහාසයේ මෙවැනි මෙහෙයුමක් සිදුකළ පළමු අවස්ථාව වන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.

සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (28) උදෑසන පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කර සිටියේය.

අත්අඩංගුවට පත් පස් දෙනෙකුට දැනට ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර ඇති බවද පොලිස්පතිවරයා මෙහිදී පවසා සිටියේය.

මේ අතර, සංවිධානාත්මක අපරාධවලට මෙරට දේශපාලනය සම්බන්ධයෙන් වූ ඉතිහාසයක් පැවති බවද, වර්තමානයේ එම පරිසරය වෙනස් වී අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය නොමැති පරිසරයක් බිහිවෙමින් පවතිනන බවද පොලිස්පතිවරයා සඳහන් කළේය.

බොහෝ අවස්ථාවලදී විදෙස් රටවල සිට මෙරට අපරාධ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් මෙහෙයවන බවත්, වර්තමානයේ එවැනි පිරිස් පිළිබඳ නීතිමය තීරණ ගැනීමට දේශපාලන බලපෑමකින් තොරව පොලිසියට උපදෙස් ලැබී ඇතැයිද පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

ඩුබායි, ඕමාන්, රුසියාව, බෙලරූසය, ප්‍රංශය වැනි රටවලද සංවිධානාත්මක අපරාධකරුවන් පැතිරී සිටින බවත්, ඔවුන් සම්බන්ධයෙන් ඉක්මනින්ම තීරණයක් ගන්නා බවත් පැවසූ පොලිස්පතිවරයා මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීමට සහාය දැක්වූ ඉන්දුනීසියානු තානාධිපති කාර්යාලයට විශේෂ ස්තූතියක් පිරිනමන බවද කියා සිටියේය.

Exit mobile version