NextWatch

තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඒ සැප්තැම්බර් 4 වනදා දක්වායි.

විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාසය සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයේන් මෙම නියෝගය නිකුත් කළේය.

ඉකුත් මැයි මස 17 වනදා රාත්‍රියේ තුසිත හලලෝලුව සහ ඔහුගේ නීතිඥවරයා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ජිප් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

ඔවුන් පොලිසියට ප්‍රකාශ කර තිබුණේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් ජිප් රථය හරස් කර වෙඩි තබා තමන්ව බිය ගන්වා එහිදී දොරවල් විවෘත කර බවයි. අනතුරුව තමන්ට පහර දී තමන් සතුව තිබූ ලිපි ගොණුවක් ද රැගෙන නාදුනන පුද්ගලයින් පලා ගිය බව හල්ලොලුව දුන් ප්‍රකාශයේ සඳහන්ව තිබේ.

පසුව නාරාහේන්පිට පොලිසිය මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන ආරම්භ කළේය. එම විමර්ශනවලට අනුව, ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකු වන තුසිත හල්ලොලුවගේ වාහනයට එල්ල වූ වෙඩි ප්‍රහාරය ඔහු විසින්ම සිදුකළ ඉතාමත් සැලසුම් සහගත ක්‍රියාවක් බවට අනාවරණය වී ඇතැයි පොලිස්පති, ප්‍රියන්ත වීරසූරිය පවසයි.

Exit mobile version