NextWatch

රාජිත සේනාරත්න රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළේය.

ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුවක් අද කැඳවූ අවස්ථාවේදීය. අදාළ අවස්ථාවේදී කොළඹ මහාධිකරණයේ අවධානයට ලක් වූයේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුවක් නිකුත් කර ඇති බවයි.

අදාළ කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණය තම අධිකරණය හමුවේ ඇති නඩුව ඉදිරි දිනයකට කල් දමා තිබේ. කොළඹ මහාධිකරණය නියෝග කළේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න බන්ධනාගාර නිලධාරීන් යටතට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

Exit mobile version