හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හදිසි සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර එල්.ටී.ටී නායක ප්‍රභාකරන්ට බේරිලා යෑම සඳහා අවස්ථාවක් ලබා දුන් බව එවකට හිටපු හමුදාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
මිනුවන්ගොඩදී පැවති ජන හමුවකදී ඔහු සඳහන් කළේ, ආරක්ෂක කවුන්සිලයේද මතය නොතකමින් මහින්ද රාජපක්ෂ මෙම සටන් විරාමයේ ප්‍රකාශයට පත් කළ බවයි. එලෙස සටන් විරාමය ලබාදුන්නේ ඇයිදැයි මහින්ද රාජපක්ෂ ඕනෑම සභාවකට පැමිණ කරුණු පැහැදිලි කළ යුතු බව සරත් ෆොන්සේකා අවධාරණය කළේය.
එමෙන්ම යුද්ධය අවසන් කළේ තමන් බවට රාජපක්ෂලා නිරන්තරයෙන් පැවසුවත් යුද්ධය අවසන් කළේ කෙසේදැයි ඕනෑම අවස්ථාවක පැහැදිලි ලෙස ප්‍රකාශ කරන ලෙසට මහින්ද රාජපක්ෂට අභියෝග කරන බවද ඔහු පවසා සිටි
