NextWatch

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිශ් ගමගේ යළිත් රිමාන්ඩ්

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ තවදුරටත් ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ ඊට අදාල පැමිණිල්ල අද (02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේදී කැඳවනු ලැබීමෙන් අනතුරුවය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සංවිධානාත්මක අපරාධකරුවන් සහ පොලිසිය වෙත සේවය ලබා ගැනීමට පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අල්ලස් කොමිෂන් මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී එම මුදල් බැංකු ගිණුම් තුනක තිබී හමුවූ බවද අල්ලස් කොමිසම මීට පෙර අධිකරණය හමුවේ සඳහන් කර තිබුණි.

ඊට අමතරව සැකකරු විසින් අල්ලස් ලෙස ලබාගත් එක්කෝටි දාසය ලක්ෂයකට අධික මුදලක් තවත් පුද්ගලික බැංකු ගිණුමක තිබී සොයාගත් බව එම බැංකු ගිණුම මීට පෙර විමර්ශනය කළ බැංකු ගිණුම් තුනට අමතරව මුදල් බැර කර තිබෙන නව ගිණුමක් බවද එම නිලධාරියා අධිකරණය හමුවේ පැවසීය.

මෙම එක් කෝටි 16 ලක්ෂයක මුදල ඔහුගේ රියදුරු වන විජේසිංහ සහ පොලිස් කොස්තාපල්වරයකු වන අසිත නම් පුද්ගලයන් දෙදෙනෙකු විසින් බැර කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් විමර්ශන නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරුගේ රියැදුරා විසින් මුදල් 67 වතාවක්, පොලිස් කොස්තාපල්වරයා විසින් අවස්ථා තුනකදී අදාල ගිණුමට මුදල් බැර කර ඇති බව සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරියා ගත් මුදල් තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පැවසීය.

ඉකුත් 14 වනදා මෙම නඩුකරයේ ප්‍රධාන සාක්ෂිකරුවන් වන අර නානායක්කාර නැමැති සාධාරණ හේතුවක් නොමැතිව අක්මීමට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධව අල්ලස් කොමිසම් විසින් විමර්ශනයක් සිදු කරන බවත් මෙම සැකකරු විසින් සාක්ෂිකරුවන්ට සෘජුව හා වක්‍රව බලපෑම් කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති නිසා මොහු ඇප මත මුදාහැරීම් ප්‍රතික්ෂේප කර ආරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේදී ද අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඔහු සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ සැකකරුගේ තනතුර හා තත්ත්වය පිළිබඳ සලකා බැලීමේදී ඔහු මෙම අවස්ථාවේදී ඇප මත මුදාහරිනු ලැබුවහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බවය.

ඒ අනුව සැකකරු ලබන 16 වන දා දක්වා රක්ෂිත බන්ධන ආකාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්‍ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් අල්ලස් කොමිසමට  නියම කළේය.

Exit mobile version