එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා මණ්ඩලයේ 60 වන සැසිවාරය සඳහා ගොනුකර තිබෙන ශ්‍රී ලංකාව පිළිබඳ මහා කොමසාරිස්වරයාගේ වාර්තාව මගින් මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ අදහස් සහ නිර්දේශ දක්වා තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට වත්මන් රජය ප්‍රතිඥා ලබා දුන්නද, එම පනත උපයෝගී කරගනිමින් තවදුරටත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ දීර්ඝ කාලීනව රඳවා තබා ගැනීමට කටයුතු කරන බව අදාළ වාර්තාවේ දැක්වේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගැනීම තවදුරටත් අත්හිටුවීම, එය අහෝසි කිරීම හෝ ඒ වෙනුවට ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූලව නව නීති කෙටුම්පතක් හඳුන්වාදීම වේගවත් කළ යුතු බව මානව හිමිකම් මහ කොමසාරිස්වරයා නිර්දේශ කර තිබේ.
එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ දීර්ඝ කාලීනව රඳවාගෙන සිටින සියලුම සැකකරුවන් නිදහස් කරන ලෙසද මානව හිමිකම් මහ කොමසාරිස්වරයා නිර්දේශ කර ඇත.
මේ තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සාමකාමී එක්රැස්වීම හා භාෂණයට පවතින නිදහස අනිසි අන්දමින් සීමා කරන නීති හා යෝජිත නීතිය අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙස මානව හිමිකම් මහ කොමසාරිස්වරයා නිර්දේශ කර තිබේ.
මේ අතර මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය සැප්තැම්බර් 8 සිට ඔක්තෝම්බර් මස 3 දක්වා පැවැත්වේ.
60 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඊට සහභාගි වීමට නියමිතය.
