දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අද (03) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ඉදිරිපත් කර තිබේ.
ඒ කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබා දී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළ බවට වන සිද්ධියක් සම්බන්ධ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.
පසුගිය 29 වෙනදා පැවැති නඩු වාරයේදී මෙලෙස ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා රාජිත සේනාරත්න කොමිසම හමුවට පමුණුවන ලෙස එම කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂක සුලෝචනා හෙට්ටිආරච්චි කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරය මෙම නියෝගය සිදු කරන ලදී
