NextWatch

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්

කිරිබත්ගොඩ නගරයේ රජයට පවරාගෙන තිබූ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට ලේඛන සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා මේ මස 22 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 01 අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා අද (08) නියම කළාය.

මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා හා හිටපු ඇමති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ හෙවත් සිංගප්පූරු සරත් යන තිදෙනා වෙති.

මේ අතර මෙම සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ඇමති මර්වින් සිල්වා, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල් සහ නවීන් වීරකෝන් යන දෙදෙනා මීට ඉහත මහාධිකරයෙන් ඇප ලබා මහේස්ත්‍රාත් අධිකරණයෙන් මුදා හැර ඇත.

Exit mobile version