නේපාලයේ පැවැත්වෙන විරෝධතා අතරතුර ‘Gen z’ විරෝධතාකරුවන් විසින් එරට පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට ගිනි තබා තිබේ.
මෙම විරෝධතා කරුවන් පාර්ලිමේන්තුවට කඩා වැදි, පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි එක් ගොඩනැගිල්ලකට මෙලෙස ගිනි තබා ඇති බව සඳහන් වෙයි.
මේ අතර, රටපුරා පවතින අඛණ්ඩ දුෂණ විරෝධී විරෝධතා මධ්‍යයේ නේපාල අගමැති කේ.පී ශර්මා ඔලි සියධුරෙන් ඉල්ලා අස්වී තිබේ.
නේපාලයේ සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලියාපදිංචි වීම වීමට අපොහොසත් වීම හේතුවෙන්, face book, Youtube ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26 ක් නේපාලය තුළ ක්‍රියාත්මක කිරීම පසුගියදා තහනම් කිරීමට නේපාල රජය විසින් පියවර ගෙන තිබූ අතර ” Gen Z” විරෝධතාකරුවන් ඊට එරෙහිව විරෝධතා ආරම්භ කර තිබේ.
