හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් මීට සුළු මොහොතකට පෙර පිටව ගියේය.
අද (11) උදෑසන කාලයේ සිටම විදේශ තානාධිපතිවරුන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපාලන නියෝජිතයින්, දේශපාලන ආධාරකරුවන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් එම ස්ථානයට ගොස් හිටපු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තිබේ.
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වීමත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙලෙස සිය නිල නිවසින් පිටව ගියේය.
මේ අනුව, අනෙකුත් හිටපු ජනාධිපතිවරුන්ද ඔවුන්ගේ නිල නිවාස වලින් ඉවත්වීමට කටයුතු කර තිබේ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මේ වන විටත් සිය නිල නිවසෙන් ඉවත්ව ඇති අතර, හිටපු ජනාධිපති මෛත්‍රී පාල සිරසේනද නිල නිවසෙන් ඉවත් වී තිබේ.
