NextWatch

වියානා ඇලෙන් ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් හමුවෙයි

ලොග්ගල්ලා ඔය වියානාඇළෙහි තීබී විදෙස් රටක නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ ගිනි අවියක් හා උන්ඩ තොගයක් ඊයේ (14) පස්වරුවේ හමුවූ බව මහියංගනය පොලිසිය පැවසීය.

එම ගිනි අවියේ සේවා අංකය සහ සේවා අංකය හඳුනා ගැනීමේ අංකයක්ද සටහන් කර ඇති බවත් එහි මැගසිනයද බෝර 12 තුවක්කු පතුරම් එකොළහක්, ටී 56 පතුරම් පහක්, 9 එම් එම් උණ්ඩ 7 ක් පොලිතෙන් උරයක දමා තිබියදී හමුවූ බවද පොලිසිය සඳහන් කරයි.

පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ, මේ දිනවල වතුර අඩුවී වියානා ඇළෙහි පතුල පෙනෙන බැවින් මෙම ගිනි අවි හා උණ්ඩ දිස්වී ඇති බවයි.

Exit mobile version