NextWatch

සීගිරි කැටපත් පවුර කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ්

ලෝක උරුමයක් වූ සීගිරි කැටපත් පවුරට හානි වන ලෙස කැටපත් පවුර කුරුටු ගෑ තරැණියක් ඊයේ (14) අත්අඩංගුවට පත් තරුණිය ලබන 26 දා දක්වා ලක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

අදාළ තරුණය අද (15) දඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළ බව වාර්තා වේ.

සීගිරියේ කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් ඉංග්‍රීසි අකුරු 06 ක් ලියූ බවට සැකපිට මෙම තරුණිය ඊයේ(14) අත්අඩංගුවට ගෙන තිබේ.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක තරුණියක් වන ඇය තවත් කිහිපදෙනෙකු සමග සීගිරිය නැරඹීමට පැමිණි අවස්ථාවේදී මෙම ක්‍රියාව සිදුකර තිබේ.

Exit mobile version