NextWatch

ලංවීම අද හා හෙට ලෙඩ වෙයි

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව විදුලි සේවකයන් (17) සහ හෙට ලෙඩ නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ තිබේ.

එය ඔවුන් ක්‍රියාත්මක කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ දෙවන අදියරක් ලෙසය.

තවද අද දිනයේ විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන මූලස්ථානයේ ඉදිරිපිට විදුලි සේවකයින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකිරීමටද නියමිතය.

කෙසේ වෙතත් සිය ඉල්ලීම් වලට රජයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොමැති බවද විදුලි වෘත්තීය සමිති ප්‍රකාශ කළේය.

වෘත්තිය සමිති කියා සිටියේ බිඳවැටීම් යාවත්කාලීන කිරීම, බිල්පත් ගෙවීම ආදී සේවා රාජකාරී කාලසීමාවේ පමණක් සිදු කරන බවයි.

විදුලි වෘත්තීය සමිති ඒකාබද්ධව ගත් තීරණයට අනුව අද සහ හෙට මණ්ඩලයේ ඉංජිනේරුවන්, තාක්ෂණ ශිල්පීන් ඇතුළු සියලු සේවකයන් කොටස් දෙකකට බෙදී ලෙඩ නිවාඩු වාර්තා කරන බව සඳහන් වෙයි.

Exit mobile version