ලෝක ළමා දිනය අදයි.
අනාගතයට සවන් දෙන්න, ළමා අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින්න යන තේමාව මූලික කරගෙන, වඩා හොඳ ලෝකයක් හැඩගැස්වීමට සහ ළමයින්ගේ විශ්වීය මානව හිමිකම් ආරක්ෂා කිරීමට දරුවන්ට හඬක් ලබා දීම මූලික පරමාර්තය පෙරදැරිව මෙවර ලෝක ළමා දිනය සමරනු ලබනවා.
එවැනි පසුබිමක ලංකාවේ පාර්ලිමේන්තුව තුළ මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වෙන දෙයක් තමයි දරුවන්ට එරෙහිව ශාරීරික දඬුවම්වලට එරෙහි කෙටුම්පත සාකච්ඡාවට ගැනීම.
සංඛ්‍යා ලේඛනවලට අනූව ලොව පුරා ළමුන් බිලියන 1.2ක් පමණ වාර්ෂිකව නිවසේදී ශාරීරික දණ්ඩනයන්ට ලක්වන බව (අවුරුදු 0-18ත් අතර ළමුන්) ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය අධීක්ෂණය කරන එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් කමිටුව (UN Committee on the Rights of the Child) ශාරීරික දඬුවම් අර්ථ දක්වා ඇත්තේ, “කෙතරම් සුළු වුව ද, ශාරීරික බලය භාවිත කර යම් ප්‍රමාණයක වේදනාවක් හෝ අපහසුතාවක් ඇති කිරීමට අදහස් කරන ඕනෑ ම දඬුවමක්,” ශාරීරික දඬුවමක් ලෙසයි.
එම කමිටුවට අනුව, බොහෝදුරට ළමයින්ට අතින් හෝ උපකරණයකින් (කස, කෝටුව, පටිය, සපත්තුව, ලී හැන්දක් හෝ ඒ හා සමාන) පහර දීම ඇතුළත් වේ, නමුත් එයට උදාහරණයක් ලෙස ළමයින්ට පයින් ගැසීම, සෙලවීම හෝ විසි කිරීම, සීරීම, ඇණ ගැසීම, සපා කෑම, හිසකෙස් ඇදීම හෝ කන් මිරිකීම, ළමයින් අපහසුතාවට පත් ස්ථානවල රැඳී සිටීමට බල කිරීම, පිළිස්සීම හෝ බලහත්කාරයෙන් යමක් ශරීරගත කිරීම ද ශාරීරික දඬුවම් යටතට ගැනේ.
අධ්‍යයනවලින් සොයාගෙන ඇත්තේ, ශාරීරික දඬුවම් වාර ගණන වැඩි වන විට ළමයින්ගේ ආක්‍රමණශීලීත්වය සහ ගණිතයට සහ කියවීමට ඇති හැකියාව අඩු වන බව ය. ඊට අමතරව, ශාරීරික හිංසන හරහා ළමුන්ගේ පෞරුෂත්වය, නිර්මාණශීලීත්වය, මානසික ශක්තිය ආදී ධනාත්මක තත්ත්වයන් හීන වන බව විශේෂඥයින්ගේ අදහස යි.
හිංසනයෙන් තොර වූ අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් ළමුන්ට එරෙහිව ශාරීරික දණ්ඩනයට විරුද්ධවෙමු.