ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් හෙට (03) දිවයින පුරා පිහිටි සියලු මත්පැන් අලෙවිසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති කිසිදු ස්ථානයකට හෙට දිනයේදී මත්පැන් අලෙවි කිරීමට අවසර නොලැබෙනු ඇති අතර අදාල නීත්‍ය කඩකරන ඕනෑම මත්පැන් අළෙවිසැලකට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නාබව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියා.
