දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32ක් සොරකම් කර ඇති බව සත්වෝද්‍යාන කළමනාකාරීත්වය පවසනවා.
මෙම සොරකම සම්බන්ධයෙන් දැනටමත් දෙහිවල පොලිසියට පැමිණිලි කර ඇතිබවත්, සොරකම සිදුකර ඇත්තේ පසුගිය සිකුරාදා රාත්‍රියේ හෝ සෙනසුරාදා අලුයම විය හැකි බවට සැක කරන බවත් සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වන හේමන්ත සමරසේකර මහතා පවසනවා..
ඔහු පෙන්වාදෙන්නේ, සතුන් රඳවා සිටි කූඩුවක් කඩා මෙම පරෙවියන් රැගෙන ගොස් ඇති බවයි. සොරකම් කරන ලද මෙම පරෙවියන් අධිකරණ නියෝග යටතේ නඩු භාණ්ඩ ලෙස විවිධ අවස්ථාවන්හිදී සත්වෝද්‍යානයේ රදවා සිට පරවියන් බවයි ඔහු පවසා සිටියේ.
මෙම සිදුවීම හේතුවෙන් සතුන් සිටි අංශය භාරව කටයුතු කළ නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පවසා සිටියා.
කෙසේවෙතත් සොරකමට සම්බන්ධ පුද්ගලයෙකු හෝ සොරාගත් පරෙවියන් පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බව දෙහිවල පොලිසිය පවසා සිටි අතර සොරකම සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.
