NextWatch

සූකර උණ පැතිරීම වැළැක්වීමට අති විශේෂ ගැසට්ටුවක්

පසුගිය මාස කිහිපය තුළ මෙරට විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පැතිර ගිය අප්‍රිකානු සූකර උණ රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම ගැසට් නිවේදනය සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් නිකුත් කළා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක 1992 අංක 59 දරන සත්ත්ව රෝග පනත යටතේ, අප්‍රිකානු සූකර උණ රෝගය සඳහා අවදානම් ප්‍රදේශයන් ලෙස ද, ඌරන් රෝග අවදානම් සතුන් ලෙස ද, මෙම ගැසට් නිවේදනයෙන් තවදුරටත් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අදාළ ගැසට් පත්‍රය ඔක්තෝබර් මස 3 වන දින සිට ක්‍රියාත්මක වන අතර, කලින් ඉවත් කළහොත් මිස හෝ එම පනතේ 5(3) වගන්තිය අනුව වලංගු කාලය දීර්ඝ කළහොත් මිස ක්‍රියාත්මක වන දින සිට මාස 03කට නොවැඩි කාලයක් සඳහා වලංගු වන අතර, රෝග තත්ත්වය අනුව කාලය දීර්ඝ කිරීමේ හැකියාව ඇති බව ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය අදාළ ගැසට් නිවේදනය මඟින් සූකර උණ රෝගය අවදානම් ප්‍රදේශයන්ට සීමාකිරීමට හා පැතිරීම වැළැක්වීම සඳහා පහත සඳහන් ක්‍රියා හා කටයුතු තහනම් කර තිබෙනවා.

Exit mobile version