NextWatch

ගල්කිස්ස සිද්ධියට අදාළ පොලිස් නිලධාරියාට ඇප

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් සිදුවීමට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඒ, ලක්ෂය බැගින් ශරීර ඇප 2ක් නියම කරමින්.

පසුගිය 10 වැනිදා ගල්කිස්ස අධිකරණ භූමියයෙන් නීතීඥවරයෙකුගේ මෝටර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (13) දින වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

Exit mobile version