NextWatch

බස් ලලිත් ඩුබායිහිදී අත්අඩංගුවට

අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නන්ගර නොහොත් “බස් ලලිත්” ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසක්ට සම්බන්ධ පුද්ගලයෙකි.

මේ අතර අද ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සහ තවත් සැකකරුවන් 4 දෙනෙක් නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස හෙට (15) මෙරටට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පොලිසිය පවසයි.

Exit mobile version