NextWatch

බස් ලලිත්ට ඇති චෝදනා

අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නංගර නොහොත් “බස් ලලිත්” ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

මහා පරිමාණ හෙරොයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන “බස් ලලිත්” නැමැත්තා වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ලව සිටින අයෙක් වන අතර

මොහු, දැනට මියගොස් ඇති අපරාධකරුවන් දෙදෙනෙකු වන සමයන් සහ ඌරු ජුවාගේ සමීපතමයෙක් ද වේ.
රතු වරෙන්තු නිකුත්වී ඇති “බස් ලලිත්” මීට පෙරද ඩුබායිවලදී අත්අඩංගුවට ගෙන පසුව නිදහස්වී සිටි අතර ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාද ඩුබායි රටට ගෙන්වාගෙන තිබේ.

“බස් ලලිත්” නැමැත්තාට එල්ලවී ඇති චෝදනායි.

ඊට අමතරව කප්පම් ගැනීමේ සිදුවීම් 15කට අදාළව ද ඔහුට චෝදනා එල්ලවී තිබේ.

“බස් ලලිත්” නමැති අපරාධකරුගේ තර්ජන හමුවේ හංවැල්ල, මීගොඩ සහ කොස්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් රැසක් ද පසුගිය කාලයේ සිය නිවෙස් අතහැර ගොස් තිබුණි.

සැකකරු නුදුරු දිනකදී මෙරටට රැගෙන ඒමට නියමිත බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

Exit mobile version