රජයේ රෝහල්වල හෙද නිලධාරින්ගේ හෙද නිල ඇඳුම කිසියම් ආගම් හා සංස්කෘතීන් අනුගමනය කරන පුද්ගලයින් ගැන සිතා වෙනස් කරන්නේ නම් එයට එකඟ නොවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය ඇමතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
නිසි ප්‍රමිතියකින් යුතුව ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව නිර්මාණය කරන ලද හෙද නිල ඇදුම කිසියම් අගමක් හෝ සංස්කෘතියක් අදහන අය වෙනුවෙන් වෙනස් කළ යුතු බව රජයේ වගකිවයුුතු ඇමතිවරයෙක් ප්‍රකාශ කර තිබන බවට වාර්තා පළ වි ඇතැයි සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අත්සනින් යුතු ඇමතිවරයාට යොමුකළ ලිපියේ සඳහන් වේ.
මේ අන්දමින් හෙද සාත්තුවද වෙනස් කළ යුතු බවට කවුරුන් හෝ යෝජනා කළහොත් එයද කළ යුතු වනු ඇති බව ආනන්ද හිමියෝ සිය ලිපියේ සඳහන් කළහ.
කිසියම් කෙනෙකුගේ ඉල්ලිම මත හෙද නිල ඇදුම වෙනස් කිරීමට පෙර හෙද සංගමය සමඟ සාකච්ඡා කර නිගමනයන්ට එළඹෙන ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සිය ලිපියේ සඳහන් කර තිබේ.
