NextWatch

චතුරංග අබේසිංහගෙන් වරුණ රාජපක්ෂට එන්තරවාසියක්

වරුණ රාජපක්ෂ විසින් යූටියුබ් නාලිකාවක් හරහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සම්බන්ධයෙන් එල්ල කළ චෝදනා, සාවද්‍ය ඒවා බවත් ඉන් නියෝජ්‍ය අමාත්‍යවරයාට අපහාසයක් සිදු වූ බවත් සඳහන් කරමින් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවා ඇතැයි වාර්තා වෙයි.

පසුගිය දිනක කිංස්බරි හෝටලයෙදි මත්පැන් නිෂ්පාදනාගාරයකට අවශ්‍ය බලපත්‍ර ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙක් සමග චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා ‘ඩීල්’ එකක් දමා ඇතැයි වරුණ රාජපක්ෂ සිය යූටියුබ් චැනලය හරහා කීප වතාවක්ම පවසා සිටි අතර ඒ සම්බන්ධව සාක්ෂි තමා සතුව ඇතැයිද පවසා සිටියේය.

Exit mobile version