NextWatch

ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළිය ගැන සජබෙන් පරස්පර කතාවක්

ආණ්ඩුවට එරෙහිව විරුද්ධ පක්ෂ එකාබද්ධව පවත්වනු ලබන ජන රැළීයක් ‘මහජන හඬ’ නමින් ලබන නොවැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තාවේ.

ඒ පිළිබඳව දැනුවත් කිරීමට විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සහාභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් අද (27) පෙරවරුවේදී පැවැත්වීමට නියමිතයි.

මෙම ඒකාබද්ධ විපක්ෂයේ රැළියට සමඟි ජන බලවේගය සහාභාගී වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක එස්.එම්. මරික්කර් මහතා අදහස් දක්වමින් කියා සිටියේ,

” සමඟි ජන බලවේගය සහභාගී වෙන්නේ නෑ ඒකට.අපි අපේ දේශපාලනයක අපේ ප්‍රතිපත්තියකට අපි යන්නේ. ඔක්කොම මාධ්‍යට කිය කිය කරන්නේ නෑනේ. අපි ඒකට යන්නේ නෑ මම එතනින් එහාට ඒකට උත්තර දෙන්නත් කැමති නෑ.”

කෙසේ වෙතත්, ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළියට සහාභාගී වීම පිළිබඳව පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

Exit mobile version