NextWatch

පද්මේ ගැන මට කරන චෝදනා බොරු -හේෂානි ලියදිපිට-

කෙහෙල්බද්දර පද්මේ හා තමන් අතර ඇති සබදතාවයක් පිළිබදව සමාජ මාධ්‍ය තුළ සිදුවන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව රංගන ශිල්පිනී හේෂානි ලියදිපිට පවසයි.

ඇය සඳහන් කරන්නේ රංගන ශිල්පිනියක් ලෙස යම් යම් ප්‍රසිද්ධ ස්ථානයන්හීදී විවිධ පුද්ගලයින් මුණගැසුනද ඔවුන් සියලු දෙනාම කවුරුන්දැයි පුද්ගලිකව තමන් හඳුනන්නේ නැති බවයි.

මේ වන විට තමන් විවාහ වී ඇමරිකාවේ පදිංචියට ගොස් ඇති බවත් මෙවැනි අසත්‍ය චෝදනා නිසාවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වූ බවත් ලියදිපිට පැවසුවා ය.

පොලීසියෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව කිසිඳු කරුණක් හරිහැටි නොදැන මෙලෙස සමාජ මාධ්‍ය හරහා තරුණියන් හට පදනම් විරහිත චෝදනා සිදු නොකරන ලෙසටද වීඩියෝවක් නිකුත් කරමින් ඇය පවසා සිටි.

මේ අතර කෙහෙල්බද්දර පද්මේ සමඟ සබදතා පැවැත්වූ බවට චෝදනා එල්ලවූ තවත් රංගන ශිල්පිනියක් අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

Exit mobile version