NextWatch

ජාතික වොලිබෝල් තේරීම් කමිටුවට සාමාජිකයන් පත් කෙරේ

ජාතික වොලිබෝල් තේරීම් කමිටුව සඳහා සාමාජිකයන් පත් කර තිබේ.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රධානත්වයෙන් ජාතික වොලිබෝල් තේරීම් කමිටුව පත් කිරීම සුගතදාස ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ දී සිදු කර ඇති බව සඳහන්ය.

ඒ අනුව ජාතික වොලිබෝල් තේරීම් කමිටුවේ සභාපති ලෙස උදේනි ප්‍රියදර්ශනී පත් කර තිබේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් වින්ග් කමාන්ඩර් අකිල ද අල්විස් යන මහත්වරුන් සහභාගී වි ඇති බව සඳහන්ය.

Exit mobile version