NextWatch

ගයත්‍රි ඩයස් CIDයට

ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිණියක් සහ රංගන ශිල්පිණී ගයත්‍රි ඩයස් මහත්මිය අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.

ඒ, ප්‍රකාශයක් ලබාදීම සඳහා බවයි වාර්තා වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අදාළ ප්‍රකාශය ලබාදීමෙන් පසුව ගයත්‍රි ඩයස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, “ඔයාලට කියන්න දෙයකුත් නෑ ඉතින්. මොකද ප්‍රශ්නවලට අවශ්‍ය කරන පිළිතුරු ලබාදීලා ඇවිල්ලා තියෙන්නේ.” යනුවෙනි.

එහිදී ඇය කියා සිටියේ, මාධ්‍යට නිකරුණේ කිසිදු දෙයක් ප්‍රකාශ කිරිමට අවශ්‍ය නොවන බවත්, පෞද්ගලික කාරණාවක් සඳහා තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දුන් බවත් ය.

Exit mobile version