NextWatch

කුඹුක්කනදී මගීන් 23ක් රැගත් බස් රථයක් ජල ප්‍රහාරයකට හසුවේ

මොණරාගල – කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක්කනදී මගීන් 23ක් රැගත් බස් රථයක් ජල පහරකට හසු වි තිබේ.

මෙම බස් රථයේ ගමන් ගත් මගීන් සියලු දෙනා බේරා ගැනිමට ආරක්ෂක අංශ සමත් වු බවට තොරතුරු වාර්තා වේ.

මොණරාගල – කොළඹ මාර්ගය මේ වන විට කුඹුක්කන ප්‍රදේශයෙන් ජලයෙන් යට වි තිබේ.

තවද උතුරු මැද පළාතේ ද මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇති අතර වාහන ගමනාගමන සීමාකර ඇතැයි පොලීසිය පවසීය.

ඒ අනුව ජලයෙන් යටවී ඇති පහත සඳහන් මාර්ගවල ගමන් කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ වුට්ලර් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, පහත සඳහන් මාර්ගයන් මේ වනවිට ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනය නවතා ඇති බවයි.

පොළොන්නරුව – මඩකළපුව මාර්ගය මනම්පිටිය ප්‍රදේශයෙන්

පොළොන්නරුව – සෝමාවතී මාර්ගය සුන්ගාවිල ප්‍රදේශයෙන්

ඔයාමඩුව – සෙට්ටිකුලම මාර්ගය සම්පූර්ණයෙන්

අනුරාධපුර – වාරියපොළ මාර්ගය දැදුරුඔය පාළම අසලින් වසා ඇත.

ප්‍රධාන මාර්ග රැසක් මේ වන විට ජලයෙන් යටවි තිබෙන අතර මාර්ග භාවිතයේදි අවධානයෙන් කටයුතු කරන ලෙස දිස්ත්‍රික් බලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටි.

Exit mobile version