දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක අවලංගු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
එළඹෙන 30 වනදා දක්වා මෙය ක්‍රියාත්මක වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසීය.
යම් නිලධාරියෙකුට පවතින ආපදා තත්ත්වය හමුවේ අනුයුක්ත කර ඇති පොලීසියට රාජකාරී සඳහා වාර්තා කිරීමට නොහැකි නම් ළඟම ඇති පොලීසියට රාජකාරී සඳහා වාර්තා කරන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
හදිසි ආපදා තත්ත්වයන් සඳහා ක්ෂණික ඇමතුම් අංක 117,119, 1990 සුවසැරිය සේවය, 110 ගිනිනින දෙපාර්තමේන්තුව, 113 යුද හමුදා මූලස්ථානය, 116 ගුවන් හමුදා මූලස්ථානය යන අංකවලට ඇමතිය හැකි බවද ඔහු පැවසීය.
