NextWatch

 ඉදිරි පැය 24 තුළ කොළඹ දිස්ත්‍රික්කයට 2016 ට වඩා ගංවතුර තත්ත්වයක් ඇති විය හැකියි – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින තත්ත්වය මත ඉදිරි පැය 24 ක කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයට 2016 වසරට වඩා ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේන පවසනවා.

ඒ අනුව හෙට රාත්‍රියේ හෝ ඒ ආසන්න කාලයේදී මෙම තත්ත්වය ඇති විය හැකි බවත්, ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Exit mobile version