NextWatch

අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු සහකාර රස පරීක්ෂකවරයා තවදුරටත් රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් දූෂණය නැමැති චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සහකාර රස පරීක්ෂකවරයා ලබන 22 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

මෙම විමර්ශනයට අදාළව තවදුරටත් සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත යුතු බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

පෞද්ගලික රක්ෂණ සමාගමක රිය අනතුරුවලට ලක්වන වාහන පිළිබඳ වාර්තා ලබාදීමේදී ඒවා එම සමාගමට වාසිදායක ලෙස ලබාදීම තුළින් රුපියල් ලක්ෂ හැට හතකට අධික මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් මොහු සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Exit mobile version